දළඳා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට ජාතික හැඳුනුම්පත අනිවාර්යයි

ඔක් 24, 2020

    දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්හට ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය කර තිබේ.

    මාළිගා පරිශ්‍රයට ඇතුළු කර ගැනෙන්නේ, මුව ආවරණ, දෑත් සේදීම, ශරීර උෂ්ණත්වය පරීක්‍ෂා කිරීම ආදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ආකාරව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවයි.

    මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව දළඳා මාළිගා පරිශ්‍රයට ඇතුලත් කිරීම තාවකාලිකව නවතා ඇති බව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

    Latest News