PCR පරීක්‍ෂණය අපේක්‍ෂාවෙන් සිටි අයෙක් හදිසියේ මරුට

ඔක් 24, 2020

    පුත්තලම කල්පිටිය රෝහලේදී PCR පරීක්‍ෂණ සඳහා සහභාගිවීමට අපේක්‍ෂාවෙන් සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබේ.

    ඔහු කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    ඔහු සිය වෘත්තීය ලෙස සිදුකර ඇත්තේ, පෑලියගොඩ වෙළෙඳ පොළ වෙත, මත්ස්‍ය තොග ප්‍රවාහනය කිරීමයි. ඔහු මියගියේ කොරෝනා ආසාදනයෙන් ද යන්න සෙවීම සඳහා පරීක්‍ෂණ සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News