අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලය මගින්

ඔක් 24, 2020

    දැනට පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ සෞඛ්‍යාරක්‍ෂිත සේවාවක් සැපයීම සඳහා සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමටත් 2020.10.26 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා දුරකථනය මගින් දිනයක් හා වේලාවක් වෙන්කර දීමටත් තීරණය කර ඇත.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි සාමාජිකයන් ප්‍රතිලාභ අයදුම්පත් භාරදීම සඳහා පහත සඳහන් දුරකතන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

                                      සාමාන්‍ය ප්‍රතිලාභ                       011-2368904

                                                                                     011-2368911

                                                                                     011-2368490

     

                                      30% පූර්ව ප්‍රතිලාභ                     011-2368252

                                                                                     011-2501249

     

    ඔබට ආසන්නම කම්කරු කාර්යාලයේ දුරකතන අංකය ලබාගැනීම සඳහා www.labourdept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්නැයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Latest News