එකම පවුලේ අක්කා, නංගි සහ මල්ලී ජීවිතක්ෂයට

ඔක් 19, 2020

    ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.

    අද (19) උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටි බැවින්, ඒ පිළිබඳව සොයා බැලීමේදී එම ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුව ඇත.

    වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයා එලෙස මියගොස් තිබේ.

    මෘත ශරීර මේ වනවිට ගලේවෙල රෝහලේ තැන්පත් කර ඇත.

    ගලේවෙල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News