රිෂාඩ් බදියුදීන් අධිකරණයට

ඔක් 19, 2020

    අද (19) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් මන්ත්‍රීවරයා අධිකරණයට රැගෙනවිත් තිබේ.

    අද අලුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක දී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණුනි.

    අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

    Latest News