රන්කාසි අලෙවිකළ සැකකරුවන් 3 කු අත්අඩංගුවට

ඔක් 19, 2020

    අනුරාධපුර ශික්ෂණ රෝහල අසල ව්‍යාජ රන් කාසි අලෙවි කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පලා ගිය අතර, ඔවුන් ඊයේ (18 වැනිදා) අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු සමත් වූහ.

    පලාගිය සැකකරුවන් තිදෙනා සතුව තිබූ රුපියල් ලක්ෂ පහක් හා මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය සැප්තැම්බර් මස 24 වැනි දින භික්ෂු වෙස් ගත් පුද්ගලයකු හා තවත් දෙදෙනකු එක්ව නිධානයකින් ගත් රන් කාසි බව පවසා ව්‍යාජ රන් කාසි නවසිය පනස් පහක් (955) අලෙවි කර රුපියල් ලක්ෂ හතක් රැගෙන තිබිණ.

    පොලිසිය සිදුකළ වැටලීමේදී එක් සැකකරුවකු අත්අඩංගුවට පත් වූ අතර, සෙසු සැකකරුවන් තිදෙනා මුදල්ද රැගෙන පලාගිය බව පොලිසිය පවසයි.

    හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව පොලිසිය එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු දෙදෙනා පොලිසියට භාර වූහ. 

    සැකකරුවන් අනුරාධපුර භාතිය මාවත, අනුරාධපුර නිරාවිය ප්‍රදේශයේ හා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

    Latest News