රිෂාඩ් බදියුදීන්ට රැකවරණය දුන් දොස්තර හා බිරිදත් අත්අඩංගුවට

ඔක් 19, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    බදියුදීන්ට රැකවරණය සැපයූ එම නිවසේ පදිංචි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට හිටපු අමාත්‍යවරයාගේ හිතවතෙක් වන මෙම වෛද්‍යවරයාත් ඔහුගේ බිරියත් අත්අඩංගුවට ගෙන තිබේ.

    දෙහිවලට පැමිණීමට පෙර ඔහු රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන්වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනීම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.

    ඒ අනුව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම 06ක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා යෙදවූ බව පොලීසිය සඳහන් කළේය.

    Last modified on සදුදා, 19 ඔක්තෝබර් 2020 13:08

    Latest News