මතුගම ගම්මාන 3ක් හුදෙකලා කෙරේ

ඔක් 18, 2020

    මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නිරෝධායනය වෙමින් සිටි මතුගම ප්‍රදේශයේ 17 දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි, මතුගම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලයනල් ගමඇතිගේ මහතා පවසයි.

    ඔවුන් එම ප්‍රදේශයෙන් ඉකුත් දිනවලදී වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සමඟ අනුරාධපුරයට ගොස් ඇති බව වාර්තාවේ. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන තුනක් හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

    Latest News