ආගම් අතර වෛරී වීඩියෝවක් FB යට මුදාහැරි කාන්තාවක් CID අත්අඩංගුවට

ඔක් 18, 2020

    බෞද්ධ හා කතෝලික ආගම් අතර වෛරයක් ඇතිවන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරි 43 හැවිරිදි කාන්තාවක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

    බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත හෙට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

    Latest News