රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් විෂබීජානුහරණයට

ඔක් 18, 2020

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අද විෂබීජානුහරණයට ලක් කෙරිණ.

    එහි පැමිණෙන කාර්ය මණ්ඩලය, මාධ්‍යවේදීන්, ඇමතිවරුන් ඇතුළු සියළු පාර්ශව කොරෝනා රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීම අරමුණයි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතාගේ ඉල්ලීම මත මෙය සිදු කෙරිණ. ඒ, කොළඹ මහනගර සභාව විසින්. එම දෙපාර්තමේන්තුවේ කටයුතු පැය 24 පුරාම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

    Latest News