තවත් හෙරොයින් ජාවාරමක් - සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔක් 18, 2020

    කළුතර බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන උපයෝගී කරගනිමින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 570ක් ද සමගය.

    වයස අවුරුදු 21 සහ 34 යන වයස්වල පසුවන ඔවුන් අඟුලාන සයුරපුර නිවාස සංකීර්ණයේදී සහ රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    අඟුලාන පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් හෙරොයින් අලෙවිකර උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 33,000 මුදලක්ද හමුවී තිබේ.

    සැකකාරියන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 29 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Latest News