හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

ඔක් 18, 2020

    ගල් තලාවක් මත තුවාල සහිතව මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ.

    තලවාකැලේ “කෙලි” තේ වතුයාගේ ගල් තලාවක් උඩ තිබියදි ප්‍රදේශවාසින් දැක වතු පාලන අධිකාරිය දැනුවත් කිරිමෙන් පසු පොලිසියට දැනුම් දීමට කටයුතු කර තිබේ.

    හඳුන් දිවියාගේ සිරුරේ තුවාල කීපයක් ද දක්නට ලැබුණු අතර සාමාන්‍යයෙන් මිනිසුන් ට දැඩි බියක් දක්වන මෙරටට ආවේනික වු හඳුන් දිවියා මිනිසුන්ට හානියක් නොකරන බවත් මිනිසෙකු දුටු පමණින් පලායාමට තැත් කරන සත්වයෙකු බවත් වනජීවි නිලධාරින් පවසයි.

    පහර දීමකින් මෙසේ මරා දමන්නට ඇති බවට සැකකරන හඳුන් දිවියාගේ සිරුර වන ජීවි නිලධාරින් විසින් රැගෙන ගිය බව අප වාර්තාකරු පවසයි.

    Latest News