දිවයිනටම දැඩි සෞඛ්‍ය රෙගුලාසි

ඔක් 18, 2020

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවමත් බල පැවැත්වේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ ප්‍රදේශවල ඔසුසැල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තවදුරටත් වසා තැබෙන බවයි.

    එමෙන්ම ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව සෞඛ්‍ය රෙගුලාසි දිවයින පුරාම දැඩව ක්‍රියාත්මක කරන බව" අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    ඒ, අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සිටින පුද්ගලයින්ද මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

    Latest News