මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2000 පනී

ඔක් 18, 2020

    කොවිඩ් - 19 වෛරසය අසාදිත 42දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

    ඉන් 22ක් නිරෝධායනය වෙමින් සිටි අය වන අතර, 20 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ.

    මේ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව2014ක් ලෙස ඉහළ යයි.

    ඒ අනුව, දිවුලපිටිය හා මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇත.

     

     

    නාවික හමුදා සාමාජිකයින් දෙදෙනකුහට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට වාර්තා වනවා.

    මෙම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනාහට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට හඳුනාගෙන ඇත්තේ, කන්කසන්තුරේ ප්‍රදේශයේදී සිදුකළ PCR පරීක්ෂණයකදීය.

    මෙම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා නිවාඩු ගොස් පැමිණ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ නිරෝධායනය වෙමින් සිටි අයවළුන් බවයි, වාර්තා වන්නේ.

     

    කොරෝනා ආසාදනය වූ කාන්තාවක් රෝහලින් හඳුනා ගැනීමත් සමග කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 53 ක් නිරෝධායනයට යොමු කර තිබේ.

    එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ, අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති බවයි.

    අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින්නැයි ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

     

     

    රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කළේය.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ සියලුම රෝගී සත්කාරක සේවාවන් සඳහා විවෘතව පැවතිය ද රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමේ වේලාවල් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ රෝගීන් බැලීම සඳහා දිනකට එක්වරක් පමණක් පැමිණෙන ලෙසයි.

    වෙනදා මෙන් පැයක පමණ කාලයක් රෝගියා සමග රැඳී නොසිටින ලෙස ද ඉල්ලීමක් කළේය.

    අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කළේ රෝහල් සායනවල පිරිස් අඩු කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

    රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන් බැලීමට දිනක් තුළ එක් අමුත්තෙකුට පමණක් පැමිණීමට අවස්ථාව දී ඇති බවද පැවසීය.

    රෝගියාට ලබාදෙන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවතා ඇති බව වැඩිදුරටත් පැවසීය.

    Latest News