කොවිඩ්-19; 3395 කට පූර්ණ සුවය

ඔක් 17, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 3395 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනා ගනු ලැබූ පිරිස 110ක්. ඒ සමඟ එම කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන් සංඛ්‍යාව, 1,901 දක්වා ඉහළ ගියේය.

    මෙරට අද වනවිට පීසීආර් පරීක්‍ෂණ තුන් ලක්‍ෂ 73,534ක් සිදුකර තිබේ.

    කොවිඩ් 19 වසංගතය මැඩ පැවැත්වීමට උරදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සෑම අතින්ම ආරක්‍ෂා කරගත යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිය සමිති නායකයින් සහ නියෝජිතයින් සමඟ අද පැවති සාකච්ජාවකදී ඇය මේ බව කියා සිටියාය.

    Latest News