මෝටර් රථයක්, ටිපර් රථයක්, ගිනි අවියක් CID බාරයට

ඔක් 17, 2020

    රැඳවුම් නියෝග මත ඉකුත් 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසී නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත ගිනි අවියක්, මෝටර් රථයක් හා ටිපර් රථයක් අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගැණින.

    මෝටර් රථය ගාල්ල හබරාදුව එරබොදුගහ හන්දියේ ගරාජයක තිබී ඇති අතර, ටිපර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගරාජයක තිබී සොයා ගෙන තිබේ.

    අමෙරිකාවේ නිෂ්පාදිත පිස්තෝලය මිටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය පවසයි. වසර කිහිපයකට පෙර ඝාතනය කෙරුණු මනෝජ් මෙන්ඩිස් නමැත්තාගේ සහයකයෙකු වන බන්ධනාගාර ගතව සිටින ජනිත් නිශාන්ත නොහොත් තනි ඇටයා ඝාතනය කිරීම සඳහා පොඩි ලැසීගේ පාර්ශ්වය සැලසුම් කර තිබූ බව හෙළිවී ඇත. බන්ධනාගාර බසයකින් එම සැකකරු රැගෙන යන අවස්ථාවකදී මෙම රථ යොදා ගනිමින් අතරමඟදී ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

    Latest News