රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු අගමැති හමුවෙයි

ඔක් 17, 2020

    විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු අග්‍රාමාත්‍යතුමා හමුවී තිබෙනවා.

    නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත්කළ මොහාන් පීරිස් මහතා, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවා හී ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ.

    විදෙස් තානාපති සේවයට යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුබ පැතුම් එක් කළේය.

    නව පත්වීම් ලද මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගතවීමට නියමිතයි.

    Latest News