වී නිෂ්පාදනයේ වාර්තාගත ඉහළයාමක්

ඔක් 17, 2020

    මේ වසරේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයේ වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව වසංගතය හමුවේ වුවද, පසුගිය මහ කන්නයේ මෙට්‍රික් ටොන් මිලියන 3,197ක ඉලක්කයක් සපුරා තිබේ.

    යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1,840 කි.

    ඒ අනුව සමස්තයක් ලෙස මේ වසරේදී මෙට්‍රික් ටොන් මිලියන 5,037ක වී අස්වැන්නක් ලැබී තිබේ.

    ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම සුවිශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.

    වී ඇතුළු බෝග වගාව නඟා සිටුවීමට මෑත කාලයේ රජය ලබාදුන් සහය රටේ කෘෂි ක්‍ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයට හේතුවක් වී තිබේ.

    කොවිඩ් වසංගත සමයේ මෙරට ජනතාව වෙනදාටත් වඩා කෘෂිකාර්මික නැඹුරුවක් පෙන්නුම් කිරීම මෙම ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට බලපෑ තවත් ධනාත්මක තත්වයකි.

    Latest News