විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට

ඔක් 17, 2020

    කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    අමාත්‍යාංශ්‍යය සඳහන් කළේ, දිවයිනේ කොරෝනා ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

    ගුවන් භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් දැනට විදේශ රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

    අසනීප තත්ත්වයෙන් සිටින පුද්ගලයින් ද මෙරටට රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.

    එම නිලධාරියා සඳහන් කළේ, ඊට අමතරව මෙරට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා රටවල් 10 අගනුවර 19 ක් කරා පියාසර කරන බවයි.

    මේ වනවිට විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් 54,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

    විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, රටවල් 122 කට අයත් පුද්ගලයින් 43,550 ක් මේ වනවිට මෙරටට රැගෙන විත් ඇති බවයි.

    Latest News