නඩු ප්‍රමාදය වැළැක්වීමට කමිටු 5ක්

ඔක් 17, 2020

    අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්‍ෂෙත්‍රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කර තිබේ.

    කැබිනට් මණ්ඩල යෝජනාවක් අනුව මෙම කමිටු පත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්ය.

    මෙම විද්වත් කමිටු 5 මගින් අධිකරණ ක්‍ෂෙත්‍රයේ පවතින ගැටළු සඳහා වසර 3 ක් තුළ විසඳුම් ලබාදීමට නියමිතයි.

    ඒ අනුව අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කමිටුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පත් කර තිබේ.

    අපරාධ නීති ප්‍රතිසංස්කරණ කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ හා ස්වයංක්‍රිය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා පත් කර තිබේ.

    වාණිජ නීති ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් පත් කර ඇත්තේ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාය.

    සිවිල් නීති ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් නීතිඥ ලසිත් කණුවනආරච්චි මහතා පත් කර තිබේ.

    Latest News