කොවිඩ්-19; සුවය ලැබූ සංඛ්‍යාව 3,385 ක්

ඔක් 16, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 3,385 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ අතර, දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව, අද රෝගීන් 110 දෙනෙකු වාර්තා විය.

    ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19කට ඇඳිරි නීතිය බල පැවැත්වේ. එම ප්‍රදේශ ඔස්සේ පොදු ප්‍රවාහන සේවාවලට, ගමන් කිරීමේ හැකියාව පවතින අතර, බස් රථවලට නංවා ගැනීම සහ බැස්සවීම සිදුකළ හැක්කේ, අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පමණි.

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘත කෙරුණ වෙළෙසැල්වලට පැමිණෙන ජනතාව සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස්වලට අනුකූලව කටයුතු කරනු දැකගත හැක.

    Latest News