20; විවාදය ලබන 21,22 පාර්ලිමේන්තුවේදී

ඔක් 16, 2020

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය ලබන 21 සහ 22 දිනවලදී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට අද තීරණය කෙරිණ.

    ඒ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී. 20 වැනි සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන 20 වැනිදා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද පැවැත්වුණේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ලබන 21 සහ 22 දිනවලදී පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා 20 වැනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.

    22 වැනිදා රාත්‍රී 7.30ට දෙවැනි වර විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාව ආරම්භ කිරීමට නියමිතයි. එම දින දෙකේ දී වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සභා ගර්භය තුළදී ඉදිරිපත් නොකෙරෙන අතර, දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදු නොවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

    Latest News