බූස්ස සතොස තොග ගබඩා මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔක් 16, 2020

    අතරමැදියන් ලබාගන්නා අතිවිශාල ලාභය ඉවත් කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය සක්‍රීයව දායක වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ගාල්ල ප්‍රදේශයේදී අද උදේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ උත්සවය පැවැත්වුනේ, ගාල්ල බූස්ස ලංකා සතොස තොග ගබඩා බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන්. වර්ග අඩි පනස් දහසක ගබඩා සංකීර්ණයකින් යුත් මෙම මධ්‍යස්ථානයෙන් දකුණු පළාතේ සියළුම සතොස අලෙවිසැල්වලට භාණ්ඩ බෙදා හැරීමට නියමිතයි. අමාත්‍ය රමේෂ් පතිරණ, සතොස සභාපති නුශාඩ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News