විදුලි සෝපානයක් කඩා වැටීමෙන් 2ක් මරුට

ඔක් 16, 2020

    මහනුවර ධර්මාශෝක මාවතේ නිමි ඇඳුම් අලෙවිසැලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ අද උදේ 8.30ට පමණ. අලුත්වැඩියා කෙරෙමින් තිබූ තෙමහල් ගොඩනැගිල්ලක විදුලි සෝපානයෙන් සිමෙන්ති කොට්ට පටවාගෙන යමින් සිටි දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇත. පොලිස් මූලස්ථානය පැවසුවේමියගිය පුද්ගලයන් 54 සහ 57 වියේ පසුවන කටුගස්තොට හා මහනුවර යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බවයි.

    මෘත ශරීර මහනුවර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News