කොවිඩ්-19; 3357 කට පූර්ණ සුවය

ඔක් 14, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 3357 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී.

    මේ අතර, රෝගය වැළඳී ඇති බවට අද හඳුනා ගනු ලැබූ පිරිස 17ක්. අද වාර්තා වූ රෝගීන් ද සමඟ දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 1608 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. රෝගය වැළඳී මෙතෙක් සුවය ලබා ඇති සමස්ත ප්‍රමාණය ප්‍රතිශතය 66.40ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය 33.33ක් වේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. එම ප්‍රදේශ හරහා පොදු ප්‍රවාහන සේවාවලට ගමන් කළ හැකියි. එහෙත්, ඇඳිරි නීති බලපැවැත්වෙන ප්‍රදේශවලදී බස් රථවලට නංවාගැනීම සහ බැස්සවීම සිදුකළ හැක්කේ, අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් පමණි. අදාල ප්‍රදේශයන්හි ඔසුසැල්, සතොස සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති ස්ථාන හෙට තෙක් වසා තැබීමට පියවර ගෙන ඇත.

    පිළියන්දල කහපොළ ප්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් වහන්සේ 69 නමක් සහ තවත් 20 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇතැයි පිලියන්දල පොලිසිය පවසයි. පිරිවෙනේ වැඩවසන හිමි නමකගේ මවක් කටුනායක ප්‍රදේශයේ සිට ඉකුත් දිනකදී මෙම පිරිවෙන වෙත පැමිණ තිබේ. සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකදී, හෙළි වී ඇත්තේ එම මවට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවයි. ඒ අනුව, ඇය ආශ්‍රය කළ පිරිස නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැණින.

    Latest News