සංචාරය සඳහා ලොව දෙවැනි හොඳම රට ශ්‍රී ලංකාව

ඔක් 14, 2020

    සංචාරය සඳහා ලොව දෙවැනි හොඳම රට ශ්‍රී ලංකාව ලෙස අන්තර්ජාතික සඟරාවක් විසින් නම් කරනු ලැබ තිබේ.

    පළමු තැන හිමිව ඇත්තේ ඉතාලියටයි. අමෙරිකාවේ පළකරනු ලබන “කොන්ඩේ නෑෂ්ට් ට්‍රැවලර්“ නමැති සංචාරක සඟරාව පළ කළ පාඨක සමීක්‍ෂණයකදී ශ්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක් හිමි විය. පාඨක ඡන්දයෙන් ඉතාලියට ලකුණු 94ක් ද, ශ්‍රී ලංකාවට 93.9ක් ද හිමිව තිබේ.

    පෘතුගාලය, ජපානය හා ග්‍රීසිය යන රටවල් පළමු ස්ථාන 5 අතරට පැමිණ තිබිණ. පසුගිය වසරේදී පළමු ස්ථාන 5 අතර සිටි ශ්‍රී ලංකාව මෙවර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිම සුවිශේෂි තත්වයක් ලෙස සැලකේ. එම සඟරාව සිදු කළ තවත් සමීක්‍ෂණයකදී ලොව හොඳම ගුවන් සේවා අතුරින් 6 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නම් කිරීමට පාඨකයන් පියවර ගෙන තිබිණ.

    Last modified on බදාදා, 14 ඔක්තෝබර් 2020 20:12

    Latest News