කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට (15) උදෑසන 5.00 සිට ඇඳිරි නීතිය

ඔක් 14, 2020

    කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට (15) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ඇත.

    නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ගේ කටයුතු පවත්වාගෙන යා හැකි අතර, ඒ සඳහා පැමිණිය යුතු සේවක-සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව Covid - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

    Last modified on බදාදා, 14 ඔක්තෝබර් 2020 18:37

    Latest News