කාසල්රි සහ මවුස්සාකැලේ පිටාර මට්ටමට ලඟාවේ

ඔක් 14, 2020

    කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙයි.

    ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරයි.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නවී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

    කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 2ක් ද මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 6 ක්ද වශයෙන් ද පවතින බවයි, ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටින්නේ.

    ජලාශ වල ජල මට්ටම ඉහළ යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසීය.

    Latest News