20 ගැන අදාළ ප්‍රකාශය තමාගේ හෝ සංඝ සභාවේ අනුදැනුමකින් තොරයි; අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි

ඔක් 13, 2020

    20 වැනි සංශෝධනය පිළිබඳව අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව ඊයේ සිදු කළා යැයි, කියන ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සංඝ සභාවන්හි කිසිදු අනුමැතියක් හිමිව නොතිබූ බව, එම නිකායන්හි මහ නාහිමිවරුන් පවසයි.

    අද මාධ්‍ය වෙත නිවේදන නිකුත් කරමින් උන් වහන්සේ ඒ ගැන පැහැදිළි කළේය. අමරපුර සහ රාමඤ්ඤ මහ නිකායන්හි ලේඛකාධිකාරි හිමිවරුන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ කිහිප නමක් මාධ්‍ය හමුවක් කැඳවමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවට ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ, එය ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස සඳහන් කරමින්.

    කෙසේ වුව ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ, අදාළ ප්‍රකාශය තමාගේ හෝ සංඝ සභාවේ හෝ අනුදැනුමකින් තොරව සිදුකරන ලද්දක් බවයි.

    ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ වැඩබලන උත්තරීතර මහ නායක පූජ්‍ය ගංතුනේ අස්සජී හිමියන් ද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය.

    Latest News