අගමැතිමාගේ විදේශ සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය අනුරාධා හේරත්

ඔක් 13, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ විදේශ සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස අනුරාධා හේරත් මෙනෙවිය පත්කර තිබේ.

    නව රජය පත්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ විදේශ මාධ්‍ය හා විදේශ සම්බන්ධතා අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කළේ ද, අනුරාධා හේරත් මෙනෙවියයි.

    අමෙරිකාවේ නිව්යෝර්ක්හි කොළොම්බියා විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිණියක වන ඇය, ලුසියානා විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරිණියක්.

    ඇය ලුසියානා විශ්වවිද්‍යාලයේම යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යා උපාධිධාරිණියක් ද වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේදී එතුමාගේ ඩිජිටල් මාධ්‍ය හා විදේශ මාධ්‍ය අධ්‍යක්‍ෂවරිය ලෙස ද ඇය කටයුතු කළාය.

    2013 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙස කටයුතු කළේද, අනුරාධා හේරත් මෙනෙවියයි. ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ අධ්‍යක්‍ෂවරිය ලෙස ක්‍රියා කළ ඇය අමෙරිකාවේ නිව්යෝර්ක් හි පේස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ද වේ.

    Latest News