ඉටුකම අරමුදල රු.මි. 1659 ඉක්මවයි

ඔක් 13, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID–19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් රුපියල් මිලියන 1659 ඉක්මවා තිබේ.

    අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් 82,906.97ක්, ආර්.ජී.අයි. සිතුමිණි බණ්ඩාර දියණිය රුපියල් 6,000ක්, ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සුබසාධක සංගමය රුපියල් 100,000ක් සහ ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් 2,500,000ක් අරමුදලට පරිත්‍යාග කර ඇත. අදාළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ.

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන චැඩ් සහ ජෙඩ් පුතුන් දෙදෙනා රුපියල් 207,851.16ක් අරමුදලට පරිත්‍යාග කළ අතර ඔවුන්ගේ පියා පරිත්‍යාග මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.

    පූජ්‍ය ඇඹිලිපිටියේ තේජෝසාර හිමි රුපියල් 5,000ක්, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය රුපියල් 4,500,000ක් සහ හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම රුපියල් 5,000,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

    Lanka Leyland (Pvt) Ltdරුපියල් 500,000ක්, Colombo International Container Terminals Ltdරුපියල් 800,000ක්, TajBentota Resort & SPAරුපියල් 525,892.65ක්, සී/ස ඕෂන් වීව් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමේ සේවක සුබසාධක සංගමය රුපියල් 202,600ක්, Vista Lanka Green Globe (Pvt) Ltdරුපියල් 500,000ක්, Consulting Engineers & Architects Associated (Pvt) Ltd රුපියල් 2,504,707.10ක්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රුපියල් 1,000,000ක්, මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රුපියල් 39,584.52ක් සහ චාල්ස් පෙරේරා මහතා රුපියල් 150,000ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

    ඉටුකම COVID - 19සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ අගය දැන් රුපියල් 1,659,015,132.02කි.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076–0700700/ 011–2320880/ 011–2354340/ 011 - 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

    Latest News