රිෂාඩ් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඔක් 13, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව සහ තවත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    මෙම නඩුව නැවතවරක් ඔක්තෝබර් 27 වැනිදා කැඳවන ලෙස නියෝග කෙරිණි.

    මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණි.

    Latest News