ගම්පහ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත්

ඔක් 13, 2020

    ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අද සිට තවදුරටත් දැඩිව කි‍්‍රයාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.

    කෙසේවෙතත් උසස්පෙළට පෙනී සිටින සිසුන් සඳහා එමගින් කිසිඳු බාධාවක් නොමැති බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේය.

    මේ අතර ඊයේ දිනයේදී පමණක් මෙරටින් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 90 දෙනෙකු හඳුනාගැනුණු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    එම ආසාදිතයින් සියලූදෙනා මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශි‍්‍රතයින් බවයි, යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

     

    Latest News