විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතී

ඔක් 12, 2020

    විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වාගැනීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගනී.

    රට තුළ පවතින කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

    නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරොනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩකඩ සීමා වීම මෙයට තවත් හේතුවක් බව ද ඔහු කියා සිටී.

    විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතු වේ.

    කෙසේ වෙතත් මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක කාල සටහන් ඉදිරියේ දී සංශෝධනය කර විදෙස් රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ලේකම්වරයා පැවසුවේය.

    මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 57,000කට අධික පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

    Latest News