සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක - වෛද්‍ය ජයරුවන්ට

ඔක් 12, 2020

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද(12) සිට පත්කර ඇත.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    කොවිඩ් කළමනාකරණය කළ හැකි මට්ටමක පවතින බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහිදී පැවසීය.

    ජනතාව මේ පිළිබද අවබෝධයෙන් සෞඛ්‍ය නීතිවලට අනුගතව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවයි, ඒ මහතා පෙන්වා දෙන්නේ.

    Latest News