සමෘද්ධි පවුල් ලක්ෂයකට වහලය මත සවි කළහැකි සුර්ය පැනල

ඔක් 03, 2020

    ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය නව මානයකට යොමු කරමින් සුර්ය බලය හරහා ජාතික විදුලි ජනන පද්ධතියට 1500MW ක් එකතු කිරීමේ අරමුණ ඇතිව විශේෂ සාකච්චාවක් අද දිනයේ මා විදුලිබල අමාත්‍යංශයේදී පැවැත්විය.

    එම ක්ෂේත්‍රය පසුගිය සමයේ විදුලි මාෆියාවේ ගොදුරක්ව පැවතිණි.

    ඒ සදහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, විදුලි බල මණ්ඩලේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී විය. එහිදී පහත සදහන් මුලික කරුණු පිලිබඳ අවදානය යොමු කරනු ලැබීය.

    1. ශ්‍රී ලංකාවේ මේ වන විට භාවිතා වන ට්‍රාන්ස්ෆොර්මර් 30,000 අතුරින් තෝරාගත් ට්‍රාන්ස්ෆොර්මර් 10,000ක ප්‍රමාණයකට ඉදිරි වසර 3 තුල පොළවේ ස්ථාපනය කරන ලද 100kW ධාරිතාවයකින් යුත් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය (Ground Mounted Solar Panels) බැගින් ජාතික ජනන පද්ධතියට එකතු කිරීම මෙහි මුලික අරමුණ වේ. මෙමගින් උත්පාදනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාවය 1000MW පමණවේ. මෙහිදී එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදී එමගින් දේශීය වශයෙන් රැකියා රැසක් ඇතිකිරීම තවත් මුලික අරමුණක් වේ.

    2. තෝරාගත් සමෘද්ධි පවුල් ලක්ෂයකට වහලය මත සවි කළහැකි 5kW ධාරිතාවයකින් යුත් සුර්ය පැනල (Roof Top Solar) 100,000ක් සවිකිරීම මෙහි මුලික ආරමුණ වේ. මෙමගින් එම පවුල් වෙත සහනදායි ක්‍රමයට බැංකු ණයක් ලබාදෙන අතර එමගින් තම ණය වාරිකයට අමතරව තවත් අමතර අදායමක් උපායා ගැනීමට හැකි වන අයුරින් මෙම ක්‍රමවේදය සකසනු ලැබේ. මෙමගින් සමෘද්ධි සහනාධාරය වෙනුවට අඩු අදායම්ලාභී පවුල් වල යැපෙන්නන් ව්‍යවසායකයන් බවට පත් කිරීම තවත් අරමුණකි.

    Latest News