විදේශයන්හි සිටි ලාංකිකයින් 76ක් දිවයිනට

සැප් 19, 2020

    විදේශයන්හි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 76 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, අබුඩාබි සිට 9 දෙනෙක් සහ කටාර් සිට 67 දෙනෙක් අද දිවයිනට පැමිණි බවයි.

    එසේම කටාර් සිට දෙදෙනෙක්, සෞදි අරාබියේ සිට 13 දෙනෙක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

    එම සියලු දෙනා PCR පරීක්ෂණවලින් පසු නිරෝධායනයට යොමු කිරීමට නියමිත බවයි, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

    Latest News