දේශපාලන කොමිසමට දේශපාලනඥයෝ රැසක්

සැප් 19, 2020

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් අද (19) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

    පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවයි,වාර්තා වන්නේ.

    දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කළ ඔවුන්ට අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනූව යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් වන මංගල සමරවීර, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්රචම, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ආර්. සම්බන්ධන් සහ එම්.ඒ. සුමන්තිරන් යන අය අද දිනයේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

    මේ අතර රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

    Last modified on සෙනසුරාදා, 19 සැප්තැම්බර් 2020 12:02

    Latest News