වැසි තත්වයේ වැඩිවීමක්

සැප් 18, 2020

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුර, උතුරු මැද සහ වයඹ යන පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වරින් වර පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර තද සුළං තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නිරිත දිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් අද සිට බලාපොරොත්තු විය හැක. ඒ දිවයින හරහා නිරිත දිග මෝසම් තත්වය සක්‍රීයව පවතින බැවින්. සුළං පවතින ප්‍රදේශවලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් අයහපත් කාලගුණික තත්වය ගැන අවධානයෙන් පසුවිය යුතුය. වර්ෂාපතනය අධිකව පවතින ප්‍රදේශවල නාය අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි ප්‍රාදේශීය ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙයි.

    Latest News