හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර

සැප් 18, 2020

    කෘතහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබේ. 

    1916 අගෝස්තු 19 වැනි දින උපන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා, ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1947 වසරේදී. ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක්. කොබ්බෑකඩුව මහතා, 1970 සමගි පෙරමුණ ආණ්ඩුවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හඳුන්වා දෙන ලද්දේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින්.

    ඔහු 1982 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. කොබ්බෑකඩුව මහතා, අභාවප්‍රාප්ත වූයේ 1983 වසරේ සැප්තැම්බර් මස 18 වැනිදා.

    දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වැනි ගුණානුස්මරණ උත්සවය අද පැවැත්විණ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කෝබෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන පරිශ්‍ර යේදී.

    අග්‍රාමාත්‍යවරයා, කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්විය. හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් සහ ග්‍රන්ථයක් පිළිගැන්විණ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති-ඇමතිවරුන් කිහිප දෙනෙක් සහ කොබ්බෑකඩුව මහතාගේ පවුලේ ඥාතීන් ද මීට එක්වූහ. උත්සවය සංවිධාන කළේ, හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය හා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයයි.

    Latest News