ෆවුසිට එරෙහි අල්ලස් කොමිසම ගොනුකර නඩුව දෙසැ.8 කැඳවයි

සැප් 18, 2020

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් ජිප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 8 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 8 වැනිදා යළි කැඳවන ලෙසයි.

    2011 සහ 2012 යන වසර දක්වා කාලසීමාව තුළ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබාදී තිබු රුපියල් මිලියන 19.5 ක් වටිනා සුඛෝපබෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා මත අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත 70 වැනි වගන්තිය යටතේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබිණ.

    Latest News