විෂ සහිත සුවඳ විලවුන් තොගයක් පිටකොටුවෙන් අල්ලයි

සැප් 18, 2020

    නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් පිටකොටුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් කෝටියක ආසන්න මෙම සුවල විලවුන් මිනිස් සිරුරට විෂ සහිතයි.

    පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයෙක් ගෙන් ලැබුණු තොරතුරකට අනූව පිටකොටුව පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.

    රසදිය හා අනෙකුත් සංඝටක තොරතුරු නොමැති මෙම නීති විරෝධී සුවඳ විලවුන් තොගය සහ ආලේපන විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

    Latest News