නීතිවිරෝධීව ගෙන් වූ කහ කිලෝ 33000ක් අත්අඩංගුවට

සැප් 18, 2020

    බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයේ තිබී අඩි 40 කන්ටේනර් රථ තුනක මෙම කහ තොගය තිබී සොයාගෙන තිබේ. එහි කහ කිලෝ 33,000 සහ උඳු කිලෝ 3,000ක් තිබූ බවයි,පොලීසිය පවසන්නේ.

    මෙම නීතිවිරෝධී හා කහ සහ අනෙකුත් ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සිට මීට දින තුනකට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මෙම භාණ්ඩ ආනයනය කර ඇත.

    වීදුරු ගෙන්වන මුවාවෙන් අදාළ කහ තොගය නීති විරෝධී ලෙස ගෙන්වා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මොහොමඩ් රිස්වි නැමැති පුද්ගලයා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙක් බ්ලු මැන්ඩල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News