විද්‍යා දැරියගේ දූෂකයා බේරා ගැනීමට, විජයකලාගේ උත්සාහය එළියට (වීඩියෝ)

සැප් 17, 2020
  • සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වූ ශෂී කුමාර් හෙවත්, ස්විස් කුමාර්ව නිදහස් කර ගැනීම සඳහා හිටපු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අද නිකුත් කෙරිණ. 

    ඒ, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ. චුන්නාගම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ දැනට බන්ධනාගාර ගතව සිටින පොලිස් කොස්තාපල් ඥානලිංගම් මයුරන්, කොමිසමට කළ පැමිණිල්ල අද විභාග කෙරිණ. එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති විජයකලා මහේෂ්වරන් මහත්මිය, ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියාය.

     

    හිටු පොලිස් කොස්තාපල්වරයා සඳහන් කළේ විද්‍ය දැරිය ඝාතනය වී දින දෙකකට පසු ස්විස් කුමාර්ව ප්‍රදේශවාසීන් විසින් විදුලි කණුවක ගැටගසා පහර දුන් බවයි.  එම ස්ථානයට පැමිණි විජයකලා මහේෂ්වරන් ස්විස් කුමාර්ව ඉන් බේරා ගෙන පොලිසියේ බාරයට පත් නොකර එම ස්ථානයෙන් පලායාමට ඉඩ දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඥානලිංගම් මයුරන් මහතා කොමිසමට සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරනු ලැබීය.

     

    එහිදී, පොලිස් කොස්තාපල් ඥානලිංගම් මහතා කියා සිටියේ, 2011 වසරේ චුන්නාගම් පොලිස් වසමේ සිදුවු කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලායාමේදී දියේ ගිලී මියයාම සම්බන්ධයෙන් තමන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී ඇත්තේ දේශපාලන බලපෑම් මතයි.  ඊට නීතිපති දෙපාර්තමේන්තුවත් වගකිව යුතු බව, කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදී කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 20:37

    Latest News