කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය අදයි (වීඩියෝ)

සැප් 17, 2020
  • කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය අදට යෙදී තිබේ. 

    ඒ නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. වරාය නගරය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා එහි සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්‍ෂණය කළේය.  අනතුරුව ඉදි කෙරෙන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත විය.

     

    වරාය නගර මධ්‍ය උද්‍යානයේ මැයි මාර ගසක් ද අග්‍රාමාත්‍යවරයා අතින් රෝපණය කෙරිණ.  ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශන පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය පිළිබඳ විමසා සිටියේය. 

     

    2014 සැප්තැම්බර් 14 වැනි දින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ චීන ජනාධිපති ෂී ජිංපිං මහතාගේ හා එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.  පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශි වැඩපිළිවෙළ හේතුවෙන් මෙම වරාය නගර ව්‍යාපෘතිය වසරකට වැඩි කාලයක් ඇණහිට තිබිණ.

     

    වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර් 269 මුහුද ගොඩකර භූමිය සකසා ඇති අතර කිලෝමීටර් 3.2ක් දිගුවන දියකඩනයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් කර තිබේ.

     

    විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය යන මහත්වරුන්, ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 20:23

    Latest News