ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 114 වන ජන්ම දිනය සැමරේ (වීඩියෝ)

සැප් 17, 2020
  • ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 114 වන ජන්ම දිනය අදට යෙදී තිබේ. 

    දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 1978 වසරේදී හඳුන්වා දෙන ලද්දේ, ජේ.ආර්. ජයවර්ධන මහතා විසින්. ජාතික සේවක සංගමයේ මූලස්ථානයේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. 

    එක්සත් ජාතික පක්‍ෂය අසීරු තත්වයට පත්වූ අවස්ථාවලදී එය ජයග්‍රහණය කරගෛන ගිය පුරෝගාමී නායකයෙකු ලෙස ඔහු සැලකේ.  උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලෙස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කෙරුණේ, ජයවර්ධන මහතාගේ පාලන සමයේදී.

    එක්සත් ජාතික පක්‍ෂය නැවතත් ජයවර්ධන යුගයකට පරිවර්තනය කිරීම තම අභිප්‍රාය බව පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 20:25

    Latest News