ගෑස් ප්‍රතිඅපනයන 100 වැනි නෞකාව පැමිණේ (වීඩියෝ)

සැප් 17, 2020
  • හම්බන්තොට වරායේ ගෑස් ප්‍රතිඅපනයනය සඳහා සියවන නෞකාව පැමිණිමේ අවස්ථාව උත්සවාකාරයෙන් සමරනු ලැබීය. 

    වරායේ ගෑස් පර්යන්තය සතු ලාෆ් ටර්මිනර්ස් සමාගම පසුගිය මාස 14 තුළ මෙහෙයවනු ලැබූ ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් හාර ලක්‍ෂ 13,000කට අධිකයි.

     

    ලාෆ් ටර්මිනර්ස් සමාගමේ ගෑස් ප්‍රතිඅපනයන මෙහෙයුම් පසුගිය වසරේ ජුලි මාසයේ දී ආරම්භ කෙරිණ.  එම පර්යන්තයේ ධාරිතාව මෙට්‍රික් ටොන් 30,000ක්.  එමගින් වසරකට මෙහෙවනු ලබන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දස ලක්ෂය ඉක්මවයි.  නැව් සියයක් ඔස්සේ ගෑස් ප්‍රතිඅපනයනය කිරීමේදී හසුරවනු ලැබූ විදේශ විනිමය අමෙරිකානු ඩොලර් දාහත් කෝටි පනස් ලක්‍ෂයකට අධිකයි. 

    විශේෂ සමරු උත්සවය පැවැත්වුණේ අද උදේ, හම්බන්තොට වරාය පරිශ්‍රයේදී.  ඒ, ලාෆ් ව්‍යාපාර සමූහයේ සභාපති බේ.කේ.එච්. වෑගපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්.  

    Last modified on බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 20:27

    Latest News