මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට රු. 2,000ක දඩයක් (වීඩියෝ)

සැප් 17, 2020
  • මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව රුපියල් 2,000ක දඩයක් පැනවීම සඳුදා සිට ක්‍රියාත්මක බව, පොලිසිය පවසයි. 

    අද සහ හෙටත් මංතීරු නීතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකයි. අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග ඉලක්ක කර ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රි්යාවට නංවා තිබේ.  මංතීරු නීතියට අදාළ වැරදි 14ක් සම්බන්ධයෙන් රුපියල් 2,000ක දඩයක් ලබන සඳුදා සිට පැනවෙන බව පොලිසිය පවසයි.

     

    බස්, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ඒ සඳහාම විශේෂිත වූ මංතීරුවේ ධාවනය කිරීම අනිවාර්යයි. මෙහිදී ඩ්‍රෝන කැමරා සහ සීසීටිවී කැමරා මගින් රථවාහන ධාවනය නිරීක්‍ෂණය කෙරේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 20:17

    Latest News