ඉහළ තනතුරුවලට පත්කර ඇති හමුදා නිලධාරීන්ට කිසිදු යුද අපරාධ චෝදනාවක් නැහැ (වීඩියෝ)

සැප් 17, 2020
  • ආයතනවල ඉහළ තනතුරුවලට පත්කර ඇති හමුදා නිලධාරීන්ට කිසිදු යුද අපරාධ චෝදනාවක් එල්ල වී නැතැයි, රජය අවධාරණය කරයි. 

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පසුගියදා කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින්, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මේ බව කියා සිටියේය.

     

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය, ඉකුත් සඳුදා ජිනීවා හි පැවති 45 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් ආයතනවල ඉහළ සිවිල් තනතුරු සඳහා යුද අපරාධ චෝදනා සහිත හමුදා නිලධාරීන් පත් කිරීම සෘණාත්මක තත්වයක් බව, ප්‍රකාශ කළේය.

     

    එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වැඩබලන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය කියා සිටියේ, ආයතනවල ඉහළ තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ගෙන හැර දක්වා ඇති අභූත චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බවයි.  හමුදා නිලධාරීන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ද අදහස් පළ කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 20:12

    Latest News