කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය වේ

සැප් 17, 2020

    කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද (17) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත්විණ.

    ”අනාගතයට අධි පිම්මක් ” (Hyper leap to the future) යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සැමරුම් උත්සවය සඳහා එක්වුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

    මෙහිදී සමරු සටහනක් තැබූ ගරු අග්‍රාමාත්‍වරයා කොළඹ කොටස් වෙළඳපොළ හඳුන්වා දුන් නව වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරියේය.

    ඩිජිටල්කරණ වැඩසටහන හරහා නව ආයෝජකයින්ට ශාඛා කාර්යාලයකට නොගොස් මධ්‍යම තැන්පතු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව හිමි වේ.

    ඒ අනුව කොළඹ කොටස් හුවමාරුව (CSE) ජංගම දුරකථන යෙදුම හරහා දිවයින පුරා විසිරී සිටින ආයෝජකයින්ට කොටස් වෙළඳපොළ හෝ තැරව්කාර ආයතන වලට යාමකින් තොරව ගිණුම් ආරම්භ කිරීමේ පහසුව සළසා දී තිබේ.

    එමඟින් නව ආයෝජකයින්ට කොටස් ගනුදෙනු සඳහා අවතීර්ණවීම කෙරෙහි බාධාවක්ව පැවති දුරස්ථභාවයේ ගැටලු ම ඟහැරී යනු ඇි.

    Latest News